26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

අද (25) අලුයම 3.00ට පමණ ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.