28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා ලබා ගැනීමට නියෝග

ෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා ලබා ගැනීමට නියෝග

ඝාතනයට ලක් වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ප්‍රවීන ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබේ.

ඊයේ (24) මොහුගේ මරණයට අදාළ නඩුව අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි රස පරීක්ෂකවරයා මෙම නියෝගය නිකුත් කළේ.

සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා සිටියේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රැධිර සාම්පලය කාගේදැයි තහවුරු කරගැනීම සදහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

ඒ අනුවයි මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ.