30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්තර පත්‍ර පරීක්ෂාවට ගුරුවරු ලෑස්තියි

උත්තර පත්‍ර පරීක්ෂාවට ගුරුවරු ලෑස්තියි

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඕනෑම මොහොතක ආරම්භ කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් පැවසීය.

ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට ගුරුවරුන් 12,000ක් කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේනමුට්ඝ් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාවෙන් ඉවත් විය.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වර්ජනයක නිරත විය.