― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldසුඩාන - අතුරු හමුදා පැය 72ක සටන් විරාමයක්

සුඩාන – අතුරු හමුදා පැය 72ක සටන් විරාමයක්

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72 ක සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින 02ක සාකච්ඡාවලින් අනතුරුවයි ඔවුන් මෙම එකඟතාවට පැමිණ ඇත්තේ. සුඩාන හා එරට අතුරු හමුදා අතර ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 427 ක් මිය ගොස් 3,700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් එරට සිටින විදේශිකයන් ද විශාල වශයෙන් ඉවත්ව යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තෙවැනි සටන් විරාමය මෙය වන නමුත් ඉන් කිසිදු සටන් විරාමයක් මේ වන තෙක් ක්‍රියාවට නංවා නොමැති අතර හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේය.