දානමය පිංකමක් ලෙස සලකා විදුලි බිලට සහනයක් දෙන්නැයි තමා රජයෙන් ඉල්ලා සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූහ.
උන්වහන්සේ පැවසුවේ වෙසක් පොහෝ දිනය ජනතාවට සුවිශේෂී දිනයක් බැවින් වෙනදා ජනතාව බුදුන් අනුස්මරණය කළේ අවම වශයෙන් එක පහනක් හෝ එක විදුලි බුබුළක් දල්වා වුවත් මෙවර ජනතාවට එවැනි දේ සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.
එම නිසා තමා විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව සලකා බලා වෙසක් පොහෝ දිනවත් ජනතාවට සහනයක් ලබා දෙන ලෙසයි.