26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF විවාදය අදින් ඇරඹේ

IMF විවාදය අදින් ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා වූ යෝජනාව පිළිබඳ විවාදය අද (26) ආරම්භ වෙයි.

ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) දිනවලදීද මෙම විවාදය පැවැත්වීමට නියමිත බවත් දින තුනක් පුරා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වීම සිදුවනු ඇති බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

මෙරට ආර්ථිකයේ කඩිනම් ප්‍රගතියක් අත්කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹි අරමුදල් පහසුකමට අදාළ සැකසුම මාර්තු 22 වැනිදා සභාගත කරනු ලැබීය.

ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන අනුමැතිය මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන යෝජනාවේ දැක්වෙන්නේ.