― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවෙන් පකිස්ථානයට අලි ලබාදීමේ කතාව බොරුවක්

ලංකාවෙන් පකිස්ථානයට අලි ලබාදීමේ කතාව බොරුවක්

ශ්‍රී ලංකාව පාකිස්ථානයට අලි දෙදෙනෙකු තෑගි කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අලි දෙදෙනා කරච්චි සහ ලාහෝර් සත්වෝද්‍යාන වෙත යැවීමට නියමිත බව පාකිස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් මීට පෙර නොයෙක් වාර්තා පළ විය.

නූර් ජහාන් නමැති 17 හැවිරිදි අප්‍රිකානු ඇතා පකිස්ථානයේ සත්වෝද්‍යානයකදී මියයාමෙන් පසුවයි මෙලෙස ශ්‍රී ලංකාව අලි දෙදෙනෙකු පරිත්‍යාග කිරීමේ පුවතක් කතාබහට ලක් වූයේ.

කෙසේ වෙතත්, එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.

ඒ අතරම පාකිස්තානයේ සත්වෝද්‍යානවල සතුන් නිසි ලෙස රැකබලා නොගන්නා බවට වසර ගණනාවක් තිස්සේ චෝදනා එල්ල වෙයි.