32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldජපානයේ කොවිඩ් සීමා ලිහිල් වන ලකුණු

ජපානයේ කොවිඩ් සීමා ලිහිල් වන ලකුණු

covid 19 සම්බන්ධයෙන් දැනට රට තුළට පැමිණෙන පුද්ගලයින්ට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළැඹෙන සෙනසුරාදා සිට අදාළ සීමාවන් ඉවත් කරන බවයි ජපානය පවසන්නේ.

දැනට පවතින කොවිඩ් නීතිවලට අනුව ජපානයට ඇතුළු වන පුද්ගලයින්ට කොරෝනා එන්නත් මාත්‍රා තුනක් ලබාගෙන ඇති බවට වාර්තා ඉදිරිපත් කළ යුතු අතර ජපානයේ වසන්ත සමයේ නිවාඩුව මෙම සති අන්තයේ ආරම්භ වන බැවින් එම කාල සීමාව තුළ සංචාරයෙහි යෙදෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගෙන තිබේ.