28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තයේ යවනවැයි මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

නවසීලන්තයේ යවනවැයි මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් නවසීලන්තයට රැගෙන යන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වූ බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු විදෙස්ගත කරන බව පවසමින් බොහෝ පිරිසකගෙන් මුදල් අයකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රුපියල් 5,050,000ක මුදලක් ඔහු වංචා කර ඇති අතර මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔහු අද (27) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.