28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව සුපිරිම පාපන්දු තරුව පේලේ ශබ්දකෝෂයට

ලොව සුපිරිම පාපන්දු තරුව පේලේ ශබ්දකෝෂයට

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු තරුව ‘පේලේ’ පිළිබඳව සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහුගේ නම ‘පේලේ’ යන්න ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රසීලයේ ජනප්‍රියතම ශබ්දකෝෂයක් වන පෘතුගීසි භාෂාවෙන් රචිත ‘Michaelis dictionary’ තුළටයි මෙම වචනය ඇතුළත් කර ඇත්තේ.

සුවිශේෂී, අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස පේලේ යන වචනය එයට එකතු කර තිබීම විශේෂත්වයකි. පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදා 82 හැවිරිදි වියේ පසුවූ මෙම සුපිරි තරුව දිවියෙන් සමුගත්තේය.