25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසරණ ගුණවර්ධනට අල්ලස් නඩුවක්

සරණ ගුණවර්ධනට අල්ලස් නඩුවක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 11 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසයි.

නඩුවේ 13 වන සාක්ෂිකරුගෙන් නඩු විභාගය ආරම්භ කරන බවත් රජයේ නිතිඥවරිය දැනුම් දුන්නා. ඒ අනුව අදාළ සාක්ෂිකරුට සිතාසි නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අගෝස්තු මස 11 වැනිදා කැඳවීමටද නියම කළා.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් වාහන තුනක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.