27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දෙනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවයි.

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එම ස්ථානයට පැමිණ සූඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර සුඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ඉවත් කරගැනීමට ඊයේ (26) හැඛි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.