24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම ?

ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම ?

ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරටය.

මීට පෙර දෙවතාවක් එහි සේවක කප්පාදුවක් සිදුවූ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000ක් පමණ සේවයෙන් ඉවත්කෙරුණි.

මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව අදාළ සටහන මගින් මාර්ක් සකර්බර්ග් පවසා තිබෙන අතර ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බවයි ඔහු පවසන්නේ .