― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසමේ සමීප රූපයක් එවා ලාදුරු දැයි තහවුරු කරගන්න

සමේ සමීප රූපයක් එවා ලාදුරු දැයි තහවුරු කරගන්න

කොළඹ දිස්ත්‍රික්කයේ යම් අයෙකුට ලාදුරු රෝගය ඇත්නම් ඒ බව ස්ථිරව දැන ගැනීමට සමේ සමීප සේයාරුවක් 075-4088604 වට්ස් ඇප් අංකයට යොමු කළ හැකි බවත් එහිදී කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥවරියක් විසින් ලාදුරු රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවත් කොළඹ ප්‍රාදේශීය ‍සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කසුනි කළුබෝවිල පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (27) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 51 ක් හඳුනාගෙන ඇති බවත් ඉකුත් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ලාදුරු රෝගීන්ගේ සියයට පහක වර්ධනයක් දක්නට ලැබෙන බවත්ය.

එමෙන්ම ලාදුරු රෝගය වැළදුණු ළමුන් පස් දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙන බවත් මොරටුව සහ රත්මලාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ආශ්‍රිතව ලාදුරු රෝගය සම්බන්ධව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරෙන බවත් සඳහන් කළ ඇය පාදුක්ක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය වසර දහයක කාලය තුළ ළමා ලාදුරු රෝගීන් වාර්තා වී නැතැයිද පැවසුවාය.