― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි නිල සංචාරයක් සඳහා මැයි 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයකට අනුවයි.

කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඒකාබද්ධ පුහුණුව සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම මෙම නිල සංචාරයේ අරමුණයි.

තව ද එහිදී සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

1982 දී ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස ඉන්දීය ගුවන් හමුදාවට බැඳුණු එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි, MiG-21, MiG-23MF, MiG-29 සහ Su-30MKI ඇතුළු විවිධ ප්‍රහාරක ජෙට් යානාවල පැය 3,800කට අධික කාලයක් පියාසර කිරීමේ පළපුරුද්ද ඇති අයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.