29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකානු ගුවන් හමුදාව පියාසර මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

ඇමෙරිකානු ගුවන් හමුදාව පියාසර මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

පසුගිය දිනවල දී සිදුවූ දරුණු හෙලිකොප්ටර් අනතුරු සැළකිල්ලට ගනිමින් ඇමෙරිකානු ගුවන් හමුදාව පියාසර මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය මෙහෙයුම් සඳහා භාවිත කෙරෙන යානා හැර අනෙක් සියලුම හමුදා යානා සහ හෙලිකොප්ටර් ගොඩ බැස්වීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

පසුගිය සතියේ ඇලස්කාවේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් ගුවන් නියමුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මාර්තු 20 වැනිදා බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් ද හමුදා සෙබළුන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.