24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ කර්මාන්තශාලාවක ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කර්මාන්තශාලාවක ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර 10 හැවිරිදි සහ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.

කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක් සිහිසුන්ව ඇදවැටීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගෑස් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.