26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොර්ටන් තැන්නට ගිය බස් රථයක් අනතුරක

හොර්ටන් තැන්නට ගිය බස් රථයක් අනතුරක

හොර්ටන්තැන්න නැරඹීමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (29) පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කළ බවයි පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ හොර්ටන්තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ තිබුණා.

ඔවුන් ආපසු නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර පස්වරු 4.30ට පමණ අධික බෑවුමක් සහිත ප්‍රදේශයක දී ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බසය නතර කර ගැනීමට රියදුරා ගත් උත්සාහය හමුවේ එය ප්‍රධාන මාර්ගය අභියස පස් කන්ඩියක ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.

බස් රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බවත් පොලිසිය සඳහන් කළා.

මාර්ගය හරහා පෙරලුණු බස් රථය ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පට්ටිපොල පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරීමෙන් අනතුරුව හොර්ටන්තැන්නට වාහන ඇතුල් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.