26.7 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට මරණ තර්ජන

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට මරණ තර්ජන

ලොවක් ආදරය කරන බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට දැඩි ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන්. 

 මීට පෙර ද සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි සහ දුරකථන ඇමතුම් ද ලැබී ඇති බව සඳහන්. පාතාල කල්ලියකින් මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා. ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට ද එක්වෙමින් සල්මන් ඛාන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. 

තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ “මම හැමතැනම යන්නේ පූර්ණ ආරක්ෂාව සහිතව.. මම දන්නවා මම මොන දේ කලත් වෙන්න යන දේ නවත්තන්න බැරි බව.. මම දෙවියන් විශ්වාස කරනවා… දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා… නමුත් මේ දවස්වල මම බීයෙන් ඉන්නේ.. අනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. 

දැන් මට පාරේ බයිසිකලේ පැදගෙන තනියම කොහෙවත් යන්න බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ” යනුවෙනුයි.