― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldදැඩි ඉන්ධන අර්බුදය හමුවේ කියුබාවේ මැයි දින සැමරුම් නවතා දමයි

දැඩි ඉන්ධන අර්බුදය හමුවේ කියුබාවේ මැයි දින සැමරුම් නවතා දමයි

ඉතා උත්කර්ෂවත් අන්දමින් ලෝක මැයි දින පෙළපාලි සහ රැළි පවත්වනු ලබන කියුබාව මෙවර මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වීම නැවත දමා තිබෙනවා.

එරට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරීම අතහැර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙනදාට මැයි පළමු වන දිනට අතුරු සිදුරු නොමැතිව රක්ත වර්ණයෙන් සැරසුණු ජනතාවගෙන් පිරී යන හැවානා අගනුවර පිහිටි කියුබානු විප්ලවීය චතුරශ්‍රය අද පාළු ස්වභාවයක් ගෙන තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

1959 විප්ලවයෙන් පසු කියුබාවේ ඉන්ධන හිඟය සහ ආර්ථික අර්බුදය මත මැයි දින සැමරුම අවලංගු කළ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර පසුගිය සති කිහිපය තුළ එරට ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් බොහෝ විට දින ගණන් බලා සිටියා.