සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි.
මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි.
එලෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයේදීය. එම පක්ෂයේ මැයි දින රැලිය ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ආරම්භ කර තිබේ. මෙවර එම පක්ෂයේ මැයි රැලිය පවත්වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදීය.
එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර කොළඹ BRC පිටියෙන් ආරම්භ වුණි.
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. එම මැයි දින පෙළපාලිය කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණීමට නියමිතය.
අනතුරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම ස්ථානයේදී මැයි රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.