23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැංගුස් සටන ගුටි කෙළියකින් අවසන් වෙයි

මැංගුස් සටන ගුටි කෙළියකින් අවසන් වෙයි

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි.

13 වන වතාවට පැවති එක්දින තරගය කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.