27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ව්‍යාප්තිය ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් ව්‍යාප්තිය ගැන අනතුරු ඇඟවීමක්

මෙරට තුළ කොවිඩ් 19 රෝගීන් දෛනිකව වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් කොවිඩ් ආසාදිත මරණ 02ක් ද පසුගිය දින 03 තුළ සිදුව ඇති බවත්ය.

මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බවයි හෙතෙම අවධාරණය කරන්නේ.