31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබසයේ පාපුවරුවෙන් විසි වී එක්දරු මවක් ජීවිතක්ෂයට

බසයේ පාපුවරුවෙන් විසි වී එක්දරු මවක් ජීවිතක්ෂයට

ඊයේ (02) උදෑසන නැදුම්ගමුව සිට වැලිමඩ නගරයට ගමන්ගත් පුද්ගලික බස් රථයක් මුත්තයියා හන්දියේ දී වංගු සහිත ස්ථානයක දි බස් රථයෙන් විසිවී මවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගල්ගොඩ කන්ද, ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක එක්දරු මවක්. මෙම මව වැලිමඩ නගරයේ වෙළඳසැලක කම්කරු රැකියාවක් සිදුකරන අතර උදෑසන රැකියාවට යාමේදී මෙම අනතුරු සිදු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය සඳහන් කරන අන්දමට උදෑසන 7.30ට පමණ වංගු සහිත ස්ථානයක පිටුපස දොරෙන් විසි වීමෙන් තුවාල ලබා වැලිමඩ රෝහලෙට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වය හේතුවෙන් බදුල්ල මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදී අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

මෘත ශරීරය බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන අද (03) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩිදුර පරීක්ෂණ වැලිමඩ පොලිසිය විසින් සිදු කරයි.