23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtරූගත කිරීම් අතරතුර ඉන්දීය නළු වික්‍රම්ට වූ ඇබැද්දිය

රූගත කිරීම් අතරතුර ඉන්දීය නළු වික්‍රම්ට වූ ඇබැද්දිය

ඉන්දීය නළු වික්‍රම් මේ දිනවල අධ්‍යක්ෂක පා. රංජිත්ගේ අධ්‍යක්ෂණය යටතේ තිරගත වීමට නියමිත ‘තංගලාන්’ චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය සපයනු ලබයි.

තංගලාන් චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය වසරේ සිට මේ දක්වා සිදු කෙරෙමින් පවතී.

මෙහිදී තංගලාන් චිත්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේ හදිසි අනතුරකට ලක් වී තිබේ.

නළු වික්‍රම් චිත්‍රපටය සඳහා පුහුණුවීම් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව ඔහුගේ ඉල ඇටයක් කැඩී ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරට භාජනය වූ නළු වික්‍රම් රූගත කිරීම් කරගෙන යාමට නොහැකි තරමට වේදනාවෙන් පෙළුණු නිසා ඔහු වහාම ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇත.