26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙසක් සැරසිලිවලට ජනතාවගෙන් වැඩි ඉල්ලීමක්

වෙසක් සැරසිලිවලට ජනතාවගෙන් වැඩි ඉල්ලීමක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනුවැව නගරයේ මේ දිනවල වෙසක් සැරසිලි අලෙවිය පිළිබඳ වෙසක් සැරසිලි සාදන්නන්ගෙන් සහ වෙසක් සැරසිලි අලෙවි කරන්නන්ගෙන් අප කළ විමසීමක දී ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර වෙසක් සැරසිලි වලට ජනතාවගෙන් ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් මේ වන විට වෙසක් කූඩුවක් රුපියල් 150, 200, 300, 400, 500 වැනි මුදලකට අලෙවි වන බවයි.

වෙසක් සැරසිලි සඳහා යොදා ගන්නා සව් කොලයක මිල ද රුපියල් 12,15 අතර මුදලකට අලෙවි කරන බවත් මේ වන විට වෙසක් සැරසිලි සදහා යොදාගන්නා බල්බ් වැලක මිල රුපියල් 350 ත් 450 ත් 500 ත් අතර මුදලකට අලෙවි කරන බවද මෙම වෙළදුන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය අවුරුදු වලට මෙම අවුරුද්දේ වෙසක් සැරසිලිවල විකිණීම ඉතාමත්ම සුබදායක මට්ටමේ පවතින බව මෙම වෙළදුන් ප්‍රකාශ කරනවා.