32 C
Colombo
Sunday, March 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබැංකුවේ තැන්පත් කරන්න රැගෙන ගිය ලක්ෂ 20ක් කොල්ල කයි

බැංකුවේ තැන්පත් කරන්න රැගෙන ගිය ලක්ෂ 20ක් කොල්ල කයි

මනම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

තොග සහ සිල්ලර බඩු ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අදාළ මුදල් තැන්පත් කිරීම සඳහා සෙවනපිටිය ප්‍රදේශයට ලොරියකින් ගමන් කරමින් සිටියදී මුදල් පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි අනාවරණ වන්නේ.

මනම්පිටිය මඩකලපුව හන්දිය ආසන්නයේදී මුදල් කොල්ලකා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

අදාළ සිද්ධිය පොලිසියට දැනුම් දීමත් සමග පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් CCTV කැමරා පරීක්ෂා කර පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.

මුදල් පැහැර ගැනීමට ලක්වන විට අදාළ ව්‍යාපාරිකයා පමණක් එම ලොරි රථයේ ගමන් කර තිබෙනවා.

යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා ලොරිය නවතා රියදුරු අසුන අසල දොර විවෘත කර තමාගේ ගෙලට තියුණු ආයුධයක් තබා රුපියල් ලක්ෂ 20ක මුදල පැහැරගත් බවටයි ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇත්තේ.

පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.