25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්

2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

වෙසක් පොහෝ දින (05) ශ්‍රී පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත් ඉන් අනතුරුව 06 වැනිදා අලුයම ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ, නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සේත් ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ 06 වැනිදා රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව 07 වැනිදා අලුයම සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් කියා සිටියේ.