― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු කළ ලිට්‍රෝ ගෑස් තොග නිකුත් කෙරේ

අඩු කළ ලිට්‍රෝ ගෑස් තොග නිකුත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමත් සමඟ හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට නව මිලට පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම සඳහා ගෑස් තොග බෙදා හරින අයුරු දැකගන්නට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවා.

සමාගම විසින් අඩු කළ ගෘහස්ථ ගෑස්වල මිල අනුව පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවත් කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3790 ක මිලකට අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසු බවත් වාර්තා කළා.