27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ?

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ?

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින්.

එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදු කරනු ලබන්නේ ගුවන් හමුදාව මගින්.

ඊයේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැනට මීටර් 2287ක දිගින් යුතු ධාවන පථය මීටර් 2800ක් පමණ දිගු කිරීමට තීරණය කර ඇති බවටයි.

මේ සඳහා පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම, ගුවන්යානා අංගනයක් ඉදිරිකිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදී මූලික අත්‍යවශ්‍ය ඉදිකිරීම් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සමඟ පොලොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල වැනි නගර වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට පහසුවක් ලැබෙනු ඇති බවටයි රජය විශ්වාසය පළ කරන්නේ.