13.7 C
London
Friday, June 9, 2023

කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට පැන්න කබර සුරේශ් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කබර සුරේශ් නම් සැකකරු සහ කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව පිටකොටුවේ බබා නමින් හඳුන්වනු ලබන අයෙක් බවට හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් සහ උණු කරන ලද කැරට් 22 ගෑම් 22ක රන් ගුලියක්, කැරට් 18 ගෑම් 15 රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50 මුදල් නෝට්ටු 17ක් මෙන්ම ඩොලර් 100 නෝට්ටු 5ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් 10 වැනි දින කබර සුරේෂ් නැමැති සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නැමැති කාන්තාවට ලබාදී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එම සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම, ඒකල, කැලණිය හා පිටකොටුව යන ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල්වලට උගස් කර තිබූ බව සඳහන්.

විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ගයිඩ් නැමති පුද්ගලයාට ලබාදී රුපියල්වලට මාරු කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් කිරුළපන සහ කොළඹ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි කබර සුරේෂ් නැමැත්තා සොරකම් ගණනාවකට වසර දහයක් සිරගතව සිට පසුගිය වසරේ
අගෝස්තු මස 22 දින ඇප මත නිදහස්ව පැමිණි අයෙක්.

සැකකරු කෝටිපති ව්‍යාපාරික නිවස බිද දේපොළ සොරා ගෙන ඇත්තේ දෙසැම්බර් 10 වැනි දින බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.

දෙසැම්බර් 15 වෙනි දින සැකකරු හෙරොයින් සමඟ වත්තලදී පොලිස් අත්අඩංගුවට පත් වුව ද අසත්‍ය නමක් ලබාදීම හේතුවෙන් පෙර වැරදි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නැහැ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here