― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsරිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට

පුත්තලම – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය, කුඩාපට්ටිය හංදිය ආසන්නයේ දී සිදු වූ අනතුරකින් 12 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් 08 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබෙනවා.

කාන්තාවක් ධාවනය කළ යතුරුපදියක් ත්‍රිකුණාමලය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී යතුරුපැදිය ධාවනය කළ කාන්තාව සහ එහි ගමන්ගත් ඇයගේ දියණියන් දෙදෙනා බරපතල තුවල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති අතර එහිදී 12 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කුඩාපට්ටිය සද්ධාතිස්ස මහා විද්‍යාලයේ පැවති ආගමික වැඩසටහනක් අවසන් වී දැරියන් දෙදෙනා ඊයේ (04) සවස සිය මව සමඟ යතුරුපැදියෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දී දැරියන් දෙදෙනා ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.