පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සදහායි ඔහු මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ.
පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි.


