27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිගණක අපරාධ ගැන පාසල් සිසුන්ට පාඩමක්

පරිගණක අපරාධ ගැන පාසල් සිසුන්ට පාඩමක්

අන්තර්ජාලය හරහා මෙහෙයවන පරිගණක අපරාධ (Cyber Crime) පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය තීරණය කර ඇත.

සංසදයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න කියා සිටියේ එකී වැඩපිළිවෙළ යටතේ පාසල් දරුවන් පරිගණක අපරාධයකට නතු වුවහොත් ඊට අදාළව නීතිය මාර්ගයෙන් සැලසෙන ආරක්ෂණය පිළිබඳවත් දරුවන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පරිගණක අපරාධ හරහා ඔවුන්ට නීතියෙන් ලැබෙන දඬුවම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.