27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුදු රුව අසළ දමා ගිය කිරිකැටියාගේ මව අත්අඩංගුවට

බුදු රුව අසළ දමා ගිය කිරිකැටියාගේ මව අත්අඩංගුවට

වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේ බුදු පිළිමය යට කුඩා බිළිඳෙකු දමාගිය සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක තැනැත්තියක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමන් විවාහක කාන්තාවක් බවත් දරු දෙදෙනකු සිටින බවත් මෑතකදී උපන් මෙම බිළිඳාගේ පීතෘත්වය සැමියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව එලෙස දරුවා දමා ගිය බවයි.

මඟ දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වත්තේගම පොලීසිය සඳහන් කළේ.
බුදු පිළිමය යට දමාගොස් සිටියදී සොයාගත් දින පහක් වයසැති බිළිඳා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍යපහසුකම් එහි නොමැතිවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවාගේ මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.