30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය බලා ගමන් අරඹයි

චාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය බලා ගමන් අරඹයි

සිය රාජාභිෂේකය වෙනුවෙන් වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ රාජ්‍යත්වයට පත් බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය බලා මේ වනවිට ගමන් අරඹා තිබෙනවා.

රාජකීයන්ට වෙන් වූ සුවිශේෂී අශ්ව කරත්තයකින් චාල්ස් රජු සහ ඔහුගේ බිරිඳ කැමිලා කුමරිය බකිංහම් මාලිගයෙන් ගමන් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේ රාජාභිෂේකතත්වයට පත්වන තම රජුට සුබ පැතීම සඳහා අති විශාල ජනතාවක් රජු ගමන් ගන්නා මඟ දෙපස රැස්ව සිටින ආකාරය දැකගත හැකි වුණා. ඔවුන් බ්‍රිතාන්‍ය ධජය ද අතැතිව ඇබේ දේවස්ථානය බලා ගමන් ගන්නා තම රජුට ප්‍රීති ඝෝෂාකරමින් සුබ පැතුම් එක්කර සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරනවා.