26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවර්ෂාවත් සමඟ වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට

වර්ෂාවත් සමඟ වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ වසංගත රෝග ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ අනුව ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, පාචනය සහ මී උණ වැනි වසංගත රෝග පැතිර යන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ. ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම පාචන රෝගයන් අරක්ෂාවීම සඳහා ආහාරපාන ගැනීමේදී සැළකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දෙනවා. ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ද වසංගත තත්ත්වයක් දක්වා පැතිර යන බැවින් එය පාලනය සඳහා ද හැකි සෑම අවස්ථාවකම මුව ආවරණය පැළඳීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරන සෞඛ්‍ය අංශ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී ඇති බව පවසනවා.