31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිපර් - යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ටිපර් – යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයේ යුදගනාව මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇගේ දරුවා සහ ස්වාමීයා තුවාල ලබා තිබෙනවා.

ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ හොරබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක කාන්තාවක්.

අනතුරින් තුවාල ලැබූ සැමියා සහ දරුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටිපර් රථයේ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.