18 C
London
Friday, June 2, 2023

දෙදරු පියෙක් තලාවේ රක්ෂිතයක් තුළ අභිරහස් ලෙස මියයයි

තලාව, නබඩවැව, ඉඳිගස්පොතාන රක්ෂිතයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මළ සිරුර තලාව, කරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආනන් දිසානායක නම් 56 හැවිරිදි දෙදරු පියෙකුගේ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා කරගහවැව සහ ඉදිගස්පොතාන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කටයුතු සිදුකරමින් සේවකයින් යොදවා ගොවිපළ පවත්වාගෙන යන පුද්ගලයකු බවයි පොලිසිය පැවසුවේ.

එම පුද්ගලයා ඊයේ (06) දහවල් ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ පිහිටි තම හේනේ සිට දිවා ආහාරය රැගෙන ඒමට පිටවගොස් නැවත හේනට නොපැමිණි බවට සේවකයින් කළ දැනුම්දීම මත මරණකරුගේ ඥාතීන් විසින් ඒ පිළිබඳ සොයා බලා තිබෙනවා.

එහිදී මියගිය පුද්ගලයා ගමන් කළ යතුරුපැදිය, ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේම පිහිටි නිවසක ගෙවත්තේ නවතා තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම නිවසේ හිමිකරු කියා සිටියේ තමන් ගවයින් බැඳීමට ගොස් සිටි බැවින් යතුරුපැදිය ගෙවත්තේ නවතා යනු තමන් නොදුටු බවයි.

ඒ, අනුව මරණකරුගේ පුත්‍රයා විසින් ඊයේ (06) සවස තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට තලාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

තලාව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව තලාව, නබඩවැව, ඉඳිගස්පොතාන රක්ෂිතයේ මෙම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අද (07) උදෑසන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් රක්ෂිතය තුළට වන්නට තිබී ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මළ සිරුර අසල ඔහුගේ ජංගම දුරකථනය හා යතුරුපැදි‌යේ යතුර ද තිබූ බවත්, ඔහුට වමනය වී තිබෙනු දැකගත හැකි වූ බවත් පොලීසිය පවසනවා.

පවුලේ ඥාතීන් පවසන්නේ, ඔහුට පෞද්ගලික තරහාකරුවකු නොසිටි බවත්, යතුරුපැදිය නවතා රක්ෂිතය තුළ කිලෝමීටරයකට ආසන්න දුරක් පා ගමනින් යාමට හේතුවක් ඔහුට නොමැති බැවින් මෙම මරණය සැක සහිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

මෙම මරණයට හේතුව ඝාතනයක්ද, නැතහොත් වෙනත් කාරණාවක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව තලාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here