32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලි එලවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි ප+හරින් ජීවිතක්ෂයට

අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි ප+හරින් ජීවිතක්ෂයට

ගෝමරන්කඩවල රිදීකන්ද පාමුල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස වන අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ ගෝමරන්කඩවල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක බලකා උප නියාමකවරයෙක්.

කරක්ගහවැව ප්‍රදේශයට වන අලි පැමිණීම හේතුවෙන් ඔහු ගෝමරන්කඩවල වනජීවී නිලධාරීන් සමග අලි පළවා හැරීමේ රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇති සිවිල් ආරක්ෂක බලකා නිලධාරීවරයා 44 හැවිරිදි අයෙක්.

ඔහුගේ මෘත ශරීරය ගෝමරන්කඩවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.