29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවේ නිල සංචිත 2.2%කින් ඉහළට

මහ බැංකුවේ නිල සංචිත 2.2%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය අප්‍රේල් මාසය තුළ දී 2.2% කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,694 ක්ව පැවති නිල සංචිත වත්කම් අගය අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇති බවයි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 2,629 සිට ඩොලර් මිලියන 2,691 ක් දක්වා 2.4%කින් වැඩි වී ඇති බව සඳහන්.

මෙම සංචිත වත්කම් තුළ ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.