― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඋසස් පෙළ තවත් විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට

උසස් පෙළ තවත් විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට බටහිර සංගීතය සහ හින්දි විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

තවත් විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම් හෙට (08) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

අදාළ පිළිතුරු පත්‍ර පිට පළාත්වල මධ්‍යස්ථාන 10කට මේ වනවිට යොමු කර තිබේ.

කඩිනමින් පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ය.

පසුගිය බ්‍රහස්පතින්දා සිට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණය සඳහා සහභාගී වීමට තීරණය කළ බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ ය