― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකතරගම වඳින්න යන ලංකාවේ දිගම පාද යාත්‍රාව ගමන් අරඹයි

කතරගම වඳින්න යන ලංකාවේ දිගම පාද යාත්‍රාව ගමන් අරඹයි

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පා ගමනින් උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ වුණා.

කෝවිලේ ප්‍රධාන පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පාද යාත්‍රාව ආරම්භ වූ අතර යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජීවත් වන බැතිමතුන් පිරිසක් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙන් ද මෙම පාද යාත්‍රාවට එකතු වන බැතිමතුන් පිරිසක් සමගයි කතරගම දක්වා ගමන් කරනු ලබන්නේ.

වසර 23ක් පුරාවට මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන් කෙරෙනවා.

ඊයේ දින ආරම්භ කෙරුනු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලය වෙත ගමන් කිරීම සිදු වනවා.

පසුගිය 2022 වසරේ යාපනයේ සිට දින 46ක් පුරාවට කිලෝමීටර් 600කට අධික දුර ප්‍රමාණයක් ගෙවමින් බැතිමතුන් මෙලෙස කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලැබුවා.

මෙලෙස ගමන් කරනු ලබන පාද යාත්‍රාවේ බැතිමතුන්ට අතරමගදී ආගමික සිද්ධස්ථාන, ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය වැසියන් මගින් ආහාර පානාදිය හා නවාතැන් පහසුකම් ලබාදීම සිදු කරනු ලබනවා.