22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානම් නිවේදන

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානම් නිවේදන

පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 05ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශ සඳහා ද නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවලට සහ මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රදේශයටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.