28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙසක් පෝය දා ගෙවල් 3ක් බිඳ ලක්ෂ 17කට වැඩි දේපළ සොරාගනී

වෙසක් පෝය දා ගෙවල් 3ක් බිඳ ලක්ෂ 17කට වැඩි දේපළ සොරාගනී

නිවාස 03ක් බිඳ රුපියල් 1,721,500ක් වටිනා මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව, මුන්දලම සහ මහකුඹුක්කඩවල පොලීසි විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී එක් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙක්‌ වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් 05 වැනිදා (වෙසක් දිනයේ) රාත්‍රී කාලයේ මෙම සොරකම් සියල්ල සිදුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සොරකම් සිදුවන අවස්ථාවන්වල දී නිවෙස් හිමියන් වෙසක් නැරඹීම සඳහා තම නිවෙස්වලින් බැහැරව ගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.