― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපුතා සසුනට පූජා කර විදෙස් ගත වීමට ගිය පියා රිය අනතුරකින් ජීවිතක්ෂයට

පුතා සසුනට පූජා කර විදෙස් ගත වීමට ගිය පියා රිය අනතුරකින් ජීවිතක්ෂයට

ඹුලාගල මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල සොරුවිල දමිළ ගම්මානයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු පසුගිය වෙසක් පොහොය දිනයේ දී තම අවුරුදු හයක් වයසැති එකම දමිළ පිරිමි දරුවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සසුන්ගත කර තිබුණා.

දරුවා සම්බුද්ධ ශාසනයට පූජාකර විදෙස් ගතවීමට මෙම පියා අපේක්ෂාවෙන් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

දරුවා සසුන්ගත කළ දිනයේදී ම රාත්‍රී දිඹුලාගල මංසන්ධියේදී ඔහු ගමන් කළ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

දිඹුලාගල කුඩාවැව ගම්මානයේ පදිංචි වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුරෙන් එක් දරු පියා සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන විට ඔවුන් දෙදෙනාම ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බවටයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වෙසක් පොහොය දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සොරිවිල සිරිධම්මාලංකාර නමින් පැවිදි බිමට පිවිස ඇති අතර එම සාමනේර හිමි නමගේ මව ද මේ වනවිට විදෙස් ගතව සිටින බව සඳහන්.