25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුගිරිය ලී වෙළෙඳසැලේ හිමිකාරිනියගේ ඝා+තකයා අල්ලයි

අතුරුගිරිය ලී වෙළෙඳසැලේ හිමිකාරිනියගේ ඝා+තකයා අල්ලයි

අතුරුගිරිය ප්‍රදේශයේ ලී වෙළෙඳසැලක හිමිකාරියක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි ලී ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියේ දී බරපතළ තුවාල ලබා සිටි වෙළඳසැල් සේවකක් ද රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී හඳුනා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතුරුගිරිය, ගොඩගම පාරේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරිනියක වූ මංගලිකා මහවත්ත නැමැති 62 හැවිරිදි කාන්තාවක් පසුගිය දෙවනදා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.