28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද කොළොන්නාවට පැය 10ක ජල කප්පාදුවක්

අද කොළොන්නාවට පැය 10ක ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද (08) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (08) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා වු ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන්වල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.