28.9 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලෝ 07ක රත්‍රන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

කිලෝ 07ක රත්‍රන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝග්‍රෑම් 07ක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද උදෑසන 09.20ට ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔහු ගුවන්තොටුපොළ තුළ සිදුකෙරෙන සියලු පරීක්ෂණ නිමවා, රේගු පරිශ්‍රයෙන්ද පිටතට පැමිණ, ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොහු තම ඉණ ප්‍රදේශයේ පාර්සල් 08ක් ලෙස සකස්කර එම රත්‍රන් තොගය සඟවා ගෙන පැමිණ ඇති අතර මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පවසන්නේ කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 400ක් බර රන් බිස්කට් 42ක් සහ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 600ක් බර ස්වර්ණාභරණ තොගයක් ඉන් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් තැනැත්තා කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.