26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනුවරඑළිය රෝහලෙන් සැත්කම් කළ 10කගේ පෙනීම නැතිවෙලා

නුවරඑළිය රෝහලෙන් සැත්කම් කළ 10කගේ පෙනීම නැතිවෙලා

පසුගිය 05 වැනිදායින් පසු නුවරඑළිය මහ රෝහලෙන් අක්ෂි සැත්කම් සිදුකර ගත් රෝගීන් 10 දෙනෙක් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසයි.

සැත්කමින් පසුව නිවෙස් බලා පිටව ගිය රෝගීන්, පෙනීමේ සංකුලතා නැවත මතු වීම මත නැවත රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ පෙනීම මුළුමනින්ම නැති වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි රටකින් ආනයනය කරන ලද අක්ෂි ඖෂධයක පැවති විෂබීජ මීට හේතුව වී ඇති අතර එම රෝගීන් නැවත ප්‍රතිකාර සදහා යොමුකර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය 30% කින් පමණ යහපත් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.